World

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේය.

ඒ අනුව, තාවකාලික සටන් විරාම ගිවිසුම 30 වැනිදින උදෑසන දක්වා ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන ජාතිකයන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් කටාර් රාජ්‍ය පවසයි.

තවාකාලික සටන් විරාම ගිවිසුමේ හතරවෙනි දිනයේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් 9දෙනකු සහ ළමයින් දෙදෙනෙකු නිදහස් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පැවැසුවේය. එසේම එම ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත් අඩංගුවේ පසුවූ පලස්තීන ජාතිකයන් 33 දෙනකු ඊශ්‍රායලය නිදහස් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. එම පලස්තීන ජාතිකයන් 33 දෙනාගෙන් 30 දෙනකු ළමුන් බවත් 3 දෙනකු කාන්තාවන් බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඒ අනුව, තාවකාලික සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ දින 4ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙක් සහ පලස්තීන ජාතිකයන් 150 දෙනෙක් නිදහස ලබා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

Related posts

පෙම්වතා නිසා උපන් දරුවා විකුණා ඒ මුදලින් යලි කන්‍යාභාවය සදා ගැනීමට තැත් කල තරුණියට අවුරුදු 6ක සිරදඬුවම්

colombotoday

අමෙරිකාවේ එක් දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 60,000ක්

colombotoday

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

colombotoday

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday