World

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් මේ වන විට ඊශ්‍රායල වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන හමුවෙන් පසු මස්ක් එරට ජනාධිපති අයිසැක් හර්සොග් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සමාජ මාධ්‍ය තුළ යුදෙව් විරෝධී වෛරය උත්සන්න කරනු ලබන ක්‍රියාකාරකම් සහ සටහන් පළවීම් සම්බන්ධයෙන් මෙහිදී ඊලොන් මස්ක් විසින් ඊශ්‍රායල බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin