Colombo Today Local News

තවත් පාසලක විශාල පැති බැම්මක් කඩාවැටෙයි – දෙදිනක් පාසල වසාදමයි

අධික වර්ෂාව හේතුවෙන් වත්තේගම බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ආසන්නයේ විශාල පැති බැම්මක් කඩාවැටී තිබේ.

වත්තේගම ප්‍රදේශයට ඊයේ (20) පස්වරුවේ සිට අධික වැසි ඇදහැලී ඇති අතර ඒ හේතුවෙන් පාසලේ ගොඩනැගිලි රැසක්ද ජලයෙන් යටවී ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (21) සහ හෙට (22) දෙදින පාසල වසාදැමීමට බාලිකා විදුහලේ විදුහල්පතිනිය පියවර ගෙන ඇත.

මෙම පැති බැම්ම කඩා වැටීමෙන් පාසල් ගොඩනැගිලි පරිශ්‍රයට හානි සිදුවී ඇත්ද හා ඉදිරියේ කොයි ආකාරයේ අවදානමක් පවතීද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ ස්ථාන පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday