Colombo Today Local News

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන ගොඩබෑමට අවසර නැහැ – ඇමති කංචන කියයි

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන තොගයක් මේ රටට ගොඩබෑමට අවසර ලබා දී නැතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (17)දින පාර්ලිමේන්තුවේ දීයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා පවසුවේ ”ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් පරීක්ෂණ පවත්වා, යම් යම් නිර්දේශ ලබාදී තිබෙනවා, ඉන්ධන ගොඩබෑම සම්බන්ධව. ඒ ක්‍රමවේද අනුගමනය කරමින් කොලොන්නාවට හා ත්‍රිකුණාමලයට ඉන්ධන ගොඩබාන්න නැව් සමාගම් කටයුතු කර තිබෙනවා. අප වගකීමක් ගන්නවා, අමාත්‍යාංශය හා ආයතනයක් ලෙස ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ කරලා විතරයි, මේ කටයුතු කරන්නේ කියලා.

මේ සම්බන්ධව මාධ්‍යවල පල වී තිබුණා. බාල ඉන්ධන ගොඩබාලා, බෙදා හැර තියෙනවා කියලා. එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන” බව යනුවෙනුයි.

Related posts

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday