Colombo Today Local News

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

ක්‍රිකට් ආයතනය පසුගිය දා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුත් කනිෂ්ක බණ්ඩාර අදාළ රැස්වීමට පැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16)දින පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයා ලෙස තමන්ට කෝප් කමිටුවට සහභාගී වීමට නොහැකි බවත් කෝප් කමිටුවේ සභාපතිවරයාගේ පුත්‍රයා ඊට සහභාගී වූයේ කෙසේ ද යන්න පැහැදිලි කළ යුතු බවයි.

ඒ හේතුවෙන් ඔහුගේ කෝප් කමිටු සභාපතිත්වය අත්හිටුවා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

Related posts

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

ආණ්ඩුව අපේ කතා කිරීමේ නිදහස නැති කරලා තියෙන්නේ. – ඉරාජ් වීරරත්න

colombotoday

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

Admin