Colombo Today Sports News

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

2019 සහ 2023 යන ලෝක කුසලාන දෙකම අහිමි වීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කර තිබේ.

එසේම තමන් සෑම අවස්ථාවක දී ම රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔහු පවසයි.

එල්.පී.එල් තරගාවලියෙන් පසු තමන් ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණ ද පුහුණු වීම් ඇරඹූ පසු තමන් යළි ආබාධයට ලක් වූ බව ඔහු අවධාරණය කර ඇත.

ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත් එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බව ද වනිඳු සඳහන් කර තිබේ.

එසේම නියමිත සති 12 අවසාන වීමෙන් පසු එළැඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බව ද වනිඳු හසරංහ අවධාරණය කර තිබේ.

Related posts

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

colombotoday

කිසිම කලකිරීමක් නෑ. මම සතුටින් සමුගන්නවා – අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියට සමුදෙමින් කියයි

colombotoday

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

විස්සේ කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරගය අද

colombotoday

අවිශ්කගේ සුපිරි පිතිහරඹයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් ජය හිමිකර ගනී

colombotoday