වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරට ලක්වී ඇත්තේ එම පාසලේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.
ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.