Colombo Today Local News

ආර්ථික අර්බුදයට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.

ඒ අනුව, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇත.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දී තිබේ.

Related posts

HNDE සිසුන්ට පහර දුන්නාට පොලිස් පොඩ්ඩෙක් වැරදිකරු වේ… වහාම වැඩ තහනම්

colombotoday

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

colombotoday

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday

උතුරේ කොටි සැමරුම් පිටුපස එම්මානුවෙල් පූජකයා… ලංකාවට ගෙන්වීමට අතහිත දකුණේ ප්‍රබල ඇමතිගෙන්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday

මනුවර්ණ ඇතුළු මාලිමා ප්‍රබලයන්ට නි.ඇමතිධූර ලැබෙන ලකුණු

Admin