Colombo Today Local News

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් වැටී සිසුවකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බොරැල්ල මැගසින් පාරේ පදිංචි (16) හැවිරිදි පාසැල් සිසුවෙකි.

මෙම සිසුවා ඊයේ (13)දහවල් මවට නොදන්නා නිවසින් මහල් නිවාසය වෙත පැමිණ ඇති අතර, ඔහු නිවසේ නොමැති බව දැන ගත් මව, ඔහු නිතර යන එන ඉහත මහල් නිවාසයක නිවස වෙත පැමිණ සිසුවාට කතා කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

මවගේ කතා කතාකිරීමෙන් කලබලයට පත් සිසුවා එම නිවසේ පිටුපසට දිවගොස් එහි බිත්තියේ සවි කර ඇති සිමෙන්ති ග්‍රිල් මතින් පහලට බසිමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

රනිල් අගමැති කරන්න TNA සහයෝගය හිමිවේ

colombotoday

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday