Colombo Today Local News

මුහුදුදෙන් ගෙන ආ මත්පෙති තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඊයේ (09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ, මත්පෙති 570,000ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් 33ක් සහ 39ක් වයසැති නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Related posts

1997 ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි !

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

colombotoday

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday