Colombo Today Local News

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

කැසිනෝ ශාලාහිමියන් සඳහා බදු සහන ලබාදී ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සුරා සහ සුදු සමාගම් අධෛර්යමත් වන මට්ටමේ ඉහළ බදු පැනවීමක් මේ වන විට රජය විසින් සිදුකර ඇති බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටියේ…

“සුරා සූදු මේ හැමදේටම ඉහළම බද්ද ගහලා ඉවර වෙලා තමා, අපි මේ සාමාන්‍ය බදු ගෙවන ජනතාව එක්ක බදු ගෙවීම ගැන කතා කරන්නේ. කැසිනෝ ක්‍රීඩාව කිසිදු නියාමනයක් නැතුව දිව්වේ. මේ අවුරුද්දේ ඉඳලා තමා නියාමනය කරන්නේ. හොඳම උදාහරණය තමා ලියාපදිංචිය සඳහා මුලින්ම කෝටි 50ක් ගන්නවා. අවුරුදු 5ක ලියාපදිංචි ගාස්තු විදියට. ඒක ප්‍රථම වතාවට තමා අපි ආරම්භ කළේ. කෝටි 50ක් නැතුව ගේන්න දෙන්නේ නෑ. වාර්ෂික බද්ද මෙච්චර කල් තිබුණේ කෝටි 20ක්. ඒකත් කෝටි 50ක් කරා. එපමණක් නෙමෙයි. එදිනෙදා එකතුවෙන මුදලින් 10%ක් රජයට ගෙවිය යුතුයි. වර්ෂ අවසානයේ ඔවුන්ගේ ලාභයෙන් 40%ක් ගන්නවා. මේ ක්‍රිඩාවෙන් දිනන කෙනෙක් ඉන්නවා නම් ඔහුගෙනුත් අපි 15%ක් ගන්නවා. ඉතාම පැහැදිලිවම කැසිනෝ ශාලාහිමියෙකුගේ ආදායමෙන් 70%කට වැඩි මුදලක් අපි සතු කරගන්නවා.”

Related posts

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කාර්යාල වේලාවන්හි බස් රථ ධාවනයේ නව සැලසුමක්

colombotoday

නිරෝධායන හෝ සංචරණ නීති කැඩුවොත් අවුරුදු 6ක් හිරේ

colombotoday