Colombo Today Local News

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 26ක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද(08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000 කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත් ඉතිරි පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු සඳහන් කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කරවා ගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ.

එසේම මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන් සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.

Related posts

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin