Colombo Today Local News

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

රේගු ආඥා පනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආදායම් රැස් කිරීම,විනිවිදභාවය, වෙළඳාම සඳහා පහසුකම් සැලසීම සහ අනුකූලතා අවශ්‍යතා වැනි කරුණු සම්බන්ධයෙන් රේගු ආඥා පනතේ 47, 57, සහ 153 වගන්ති සංශෝධනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2022.10.3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගනු ලැබ ඇති භාණ්ඩ නිදහස් කිරීමට අදාළව පවතින ගැටලු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ සැලකිල්ලට ගනිමින් රේගු ආඥා පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා ද 2023.9.4 කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, යෝජිත සංශෝධනයන්ට අදාළව රේගු ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

colombotoday

අලුත් අගමැතිවරයෙක් පත් කරන්න – චම්පික ජනපතිට කියයි

colombotoday

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday