Colombo Today Local News

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

දහවල් ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන් පරණ පාර මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30දෙනකු අද (06)දින දහවල් රෝහල් ගත කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

එම රෝගීන් අතුරින් 17දෙනකු හෝමාගම මූලික රෝහලටත් 13දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර තිබේ.

රෝහල් ගත කල රෝගීන්ට ක්ලාන්තය හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව

colombotoday

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

colombotoday