Colombo Today Local News

ගුරුවරුන්ටත් තිත්ත බෙහෙත්.. උත්සව අත්තිකාරම කපලා

Mahinda jayasinghe

රජයේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සෑම වසරකම ලබාදෙන රුපියල් දස දහසක උත්සව අත්තිකාරම් මුදල මෙවර මාර්තු වැටුප සමග ලබා දී නැති බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

සිංහල අලුත් අවුරුද්ද නිමින්තෙන් මාර්තු මස වැටුප සමග ගෙවන උත්සව අත්තිකාරම කඩිනමින් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මේ අතර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල මේ මස වැටුප සමග ලබාදිය යුතු වුවත් කිසිදු රාජ්‍ය සේවකයෙකු‍ගේ වැටුපට මෙවර එම මුදල එකතු කර නොමැති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සන්ධානයද ප්‍රකාශ කරයි.

Related posts

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

කොටියා කෑ ගොවියෙකු මරුට

colombotoday

මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි

colombotoday

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday