Colombo Today Local News

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

‍විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ ස්වාමීන් වහන්සේනමක් ඇතුළු 6දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙම පාගමන දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ දක්වා සංවිධානය කර ඇත.

කෙසේවෙතත් පාගමන ආරම්භයේදීම පොලීසිය විසින් පාගමන ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් ද සිදුකර ඇති අතර එහිදී කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පිරිසක් ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.

Related posts

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

colombotoday