Colombo Today Local News

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

උසස් අධ්‍යාපන සහයෝගීතාවය සඳහා චීනයේ ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එකී අවබෝධතා ගිවිසුමේ සහයෝගීතා ක්ෂේත්‍ර යටතේ චීන භාෂා මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ සීමාසහිත බෑන්ක් ඔෆ් චයිනා අතර ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ පාර්ශ්වයන් එකඟතාවයට පැමිණ ඇත.

ඒ අනුව, වසර පහක කාලයක් සඳහා වලංගු වන පරිදි අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday

වර්ජනය විදුලිය සැපයීමට බාධාවක් නෑ – විදුලිබල අමාත්‍යංශය

colombotoday

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

ජනපති අයවැය නැවත වෙනස් කර විදුලි කාර් බදු ඉවත් කරයි… ඇමති රවී කැබිනට් නොඑයි

colombotoday