Colombo Today Local News

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් ගැන 1977ට දැනුම් දෙන්න

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977ට වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙඳුන් වැඩිමිලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබේ.

සහල් සඳහා නියම කර ඇති පාලන මිල අනුව රතු හා සුදු නාඩු කිලෝව රුපියල් 220ක්ද, කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ද, සම්බා කිලෝව රුපියල් 230ක් ද, රතු සුදු කැකුළු කිලෝව රුපියල් 210ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇතැයි අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

මේ අතර කීරි සම්බා සහල් හිඟයක් පවතින අතර, බොහෝ සුපිරි වෙළෙඳ සැල්වල හා සතොස අලෙවි සැල්වල ද මාසයක පමණ සිට කීරි සම්බා සහල් නැති බව වාර්තා වේ.

සහල් සඟවාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව ද එම දුරකථන අංකයට පැමිණි කළ හැකි බව අධිකාරිය පවසයි.

Related posts

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

පොලිතීන් තහනම් වෙද්දී, ජනපතිගේ කටවුට් කොළඹ ආක්‍රමණය කරයි.. පොලිතීන් ටොන් ගණනක් පරිසරයට

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

සමන් රත්නප්‍රිය සුදුසු දෙමටගොඩ මස් කඩයට – පිවිතුරු හෙළ උරුමය

colombotoday