Colombo Today Local News

‘මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා’ – නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කියයි

රටපුරා අපරාධ ක්‍රියාකාරකම් ඉදිරි මාස 6 තුළ සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් මෙරට අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ තෙන්නකෝන් මහතා විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් කිහිප දෙනකු පසුගිය දිනවල අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.

දකුණු පළාතේ අපරාධ සිද්ධි ගණනාවක් පසුගිය දිනවල සිද්ධවූ බවත් මේ සියල්ල මෙහෙයවා ඇත්තේ විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් ඔහු සඳහන් කළේය.

Related posts

සමහරවිට ඒ ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති – යහපාලන ආණ්ඩුව ගැන මංගල කියයි

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin