World

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ.

විපක්ෂ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතරේ ඩකා අගනුවර දරුණු ගැටුම් හටගත් බවත්, ඩකා අගනුවර යුද පිටියක් බවට පරිවර්තනය වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 2024 ජනවාරියේය.

මැතිවරණය සාධාරණව පැවැත්වීමට නම්, අග්‍රාමාත්‍ය ෂීක් හසීනා බලයෙන් ඉවත් විය යුතු බව අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බවත් විපක්ෂය බලකර සිටී.

පසුගිය සති අන්තයේ ෂීක් හසීනාට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්විණි.

එම විරෝධතා මෙහෙයවීම කළේ මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් ය.

රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නවා යැයි චෝදනා නගමින් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයි

Admin

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Admin