Colombo Today Local News

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

hot 23232

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවන් කුඩා දරුවන්ගේ මොලයට සහ හෘදයට බලපෑම් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

විජලනය හේතුවෙන් මෙම තත්වය ඇති විය හැකි බවත් එම තත්වය අවම කරගැනීම සඳහා දරුවන් නිතර ජලය පානය කිරීම සඳහා යොමු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

තද හිරු රශ්මියේ බොහෝ වේලාවක් රැඳීමට ඉඩ ලබා නොදෙන ලෙසත් දිනකට දරුවෙකුට අවම වශයෙන් විනාඩි 20ක් හෝ ජලයේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන ලෙසත් ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දිනපතා දරුවන් නෑවීමට කටයුතු කරන්නැයිද එමගින් සමේ ඇතිවිය හැකි ආසාදන තත්ත්වයන් වළක්වා ගත හැකි බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දී තිබේ.

අධික රස්නය උරා ගන්නා ඇඳුම් වෙනුවට කපු මිශ්‍ර සැහැල්ලු ඇඳුම්වලට දරුවන් යොමු කිරීම මගින්ද සමේ ඇතිවිය හැකි දහඩිය ගඩු වැනි සමේ ආසාදනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගත හැකි බවද ඔහු සඳහන් කරයි.

Related posts

ඩයනාට විදෙස් ගමන් තහනම්

Admin

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday