Colombo Today Local News

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

ධාරාණිපාත වර්ෂාව සමග වසා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව ඇල්ල පොලීසිය පවසයි.

ඇල්ල වැල්ලවාය මාර්ගයට රන්දෙණිය ප්‍රදේශයේ කිලෝමීටර 6,7 කනු අතර ස්ථාන කිහිපයකින් ම අවර වීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

ස්ථාන කිහිපයක එක් මං තීරුවක් පමණක් මේවන විට විවෘත කර මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඇල්ල-වැල්ලවාය මාර්ගය කාර්යබහුල වීම හේතුවෙන් අවදානම් ස්ථානවල මග නැවතී ආහාර ගැනීම, සිරි නැරඹීම, ඡායාරූප ගැනීම මේ දිනවල අවදානම් බව ද ආපදා අංශ පෙන්වා දෙයි.

Related posts

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි – ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

colombotoday

අක්මීමන මිනීමැරුමකට ජවිපෙ අපේක්ෂකයා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

colombotoday