Colombo Today Local News

බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැමියා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කොට වළ දමා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි.

මුලතිව්, නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කොට වළ දමා පළාගොස් සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පාපොච්චාරණයක් මත මළ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් ගොඩගත් බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දුරකථනයෙන් කථා කොට ඇති අතර, දියණියගෙන් දින ගණනාවක් කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් පරීක්ෂා කොට තිබේ.

එහිදි දියණිය කුලි පදනම මත රැඳී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර, දියණියගේ දුරකථනයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා පරීක්ෂා කොට ඇත.

පසුව මව විසින් සිය දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මුල්ලියාවෙලි පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

අනතුරුව සිදුකළ පුළුල් විමර්ශනවලදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැඳී සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සැකකරු අදාළ කාන්තාව ඝාතනය කොට වළ දමා තිබු ස්ථානය හඳුනාගැනීමට පොලීසියට හැකිව තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ‍ මුල්ලියාවේලි පොලීසිය විසින් නිවස පිටුපස කපා තිබු වළ හාරා පරීක්ෂා කිරීමේදී, වළ දමා තිබු මියගිය කාන්තාවගේ මළ සිරුරු සොයාගැනීමට සමත්ව ඇත.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

colombotoday

රන්වලට ආචාර්ය උපාධිය දුන්නේ අපියි-ගොවිජන බලමුළුව

Admin

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday