World

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයි

අවම වශයෙන් ගාසා තීරයේ මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් 203ක් රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක Daniel Hagari පවසන්නේ, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 203 දෙනෙකුගේ පවුල් වෙත හමුදාව විසින් මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.

එමෙන්ම ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු මියගොස් සිටියදී සොයා ගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

80 හැවිරිදි Carmela Dan සහ ඇගේ 12 හැවිරිදි මිනිබිරිය Noya Dan Kibbutz Nir Oz හිදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනුණි.

කෙසේවෙතත් සිරුරු සොයාගත් ස්ථානය පිළිබඳව ඊශ්‍රායලය ප්‍රකාශ කර නොමැත.

Related posts

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

Admin

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday