Colombo Today Local News

විජයකලා නිදහස් කරන්න නියෝග

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද(19)දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

2018 වසරේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට මීට පෙර ඇප නියම කර තිබුණි.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

Related posts

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

colombotoday

පී. බී. ජයසුන්දර, කබ්රාල් ඇතුළු පිරිසක් අද මුදල් කාරක සභාවට

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

colombotoday

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද

colombotoday

රාජපක්ෂ යුගයේ බැදුම්කර ගනුදෙනු නිසා රජයට බිලියන දහදාහක් ගෙවන්න වෙලා – අගමැති

colombotoday

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday