World

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂික ආධාර හෙට (20)දිනය වනවිට යැවීමට හැකි වෙතැයි අමෙරිකාව පවසයි.

ඊජිප්තු බලධාරීන් ‘රෆා’ පිවිසුම විවෘත කිරීමට එකඟ වූ බව ජාත්‍යන්තර මාධ්‍යය පවසයි.

ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ද ඒ බව පවසා තිබිණි.

මීට දින 13කට පමණ පෙර හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ ජනපද කිහිපයකට පහර දුන් අතර, එහි දී විශාල පිරිසක් ඝාතනය කර තිබිණි.

අනතුරු ව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.

මේ වනවිට දෙපාර්ශවයේම 5,000කට අධික පිරිසක් මියගොස් තිබේ.

එසේම හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණඇපකරුවන් ලෙස 200ක පමණ පිරිසක් රඳවා ගෙන සිටින බව සඳහන්ය.

Related posts

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin