Colombo Today Local News

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක් මේ වන විට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

අද (18) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ, “ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 121 1 ව්‍යවස්ථාව ප්‍රකාරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 ඔක්තෝම්බර් 04, 06 සහ 17 දිනයන් හි මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 34ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 11ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි,” යනුවෙනි.

Related posts

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

Admin

රංගේ එජාපයෙන් දොට්ට?

Admin

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

වකුගඩු රෝග කාරක CIC පොහොර තොගයක් මාට්ටු ! ගබඩාවට මුද්‍රා තබයි.

colombotoday