Colombo Today Local News

මිතුරියන් දෙදෙනා ලිපියක් ලියා එකටම අවසන් ගමන් යයි

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක තිබී මිතුරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (16)දින සොයා ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටිය දී මෙලෙස සොයාගෙන ඇති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.

එලෙස සියදිවි නසාගෙන ඇත්තේ අවුරුදු 17ක් වූ සුරේෂ් කුමාර් තනිකේ හා ලෝගේෂ්වරන් තමිලිනි යන මිතුරියන් දෙදෙනෙකි.

අදාළ මරණයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිළිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබේ.

මේ අතර දැරියන් මියගොස් සිටි නිවසේ තිබූ ඔවුන් විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියක් ද සොයාගෙන ඇත.

“අපගේ මරණයන්ට කිසිවෙකුත් වගකිව යුතු නෑ. අපි ජීවත්වෙන්න කැමති නැති නිසා අපි මේ තීරණය ගත්තේ. මේක අපේ තීරණයක්. කවුරුවත් අපි ගැන දුක්වෙන්න එපා. අපි පවුලේ අයට හා යාළුවන්ට ගොඩාක් ආදරෙයි. සමාවෙන්න. සුබ ගමන්…” යනුවෙන් එහි සඳහන්ව ඇත.

කෙසේවෙතත් අදාළ දැරියන්ගේ මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්? යන්න සොයා පුළුල් පරීක්ෂණ පවත්වන බවද කිළිනොච්චිය පොලීසිය සඳහන් කරයි.

Related posts

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

colombotoday

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday

රනිල්ගේ නිවස ගිනිතියන්න ගිය නියෝජ්‍ය ඇමතිට බඩු බනිස්

colombotoday

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday