Colombo Today Local News

රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා.. කෝපා කමිටුව වසර 100ක් පුරා කරුණු සෙව්වත් වැඩක් නැහැ

රජයේ වංචා දූෂණ පිළිබඳව තිබෙන ගණන් හිලව් එකතු කළහොත් එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උදාහරණයක් ලෙස ගතහොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අහිමි වීම්,මෙන්ම නොගෙවා පැහැර හැරීම් කෝටි අනූදාහක් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව දූෂණ වංචා සියල්ලම එකතු වූ විට කෝටි හතළිස් පන්දහසක් බව අබේසිංහ මහතා කීය.

පසුගිය අවුරුදු වල රාජ්‍ය ආදායම කෝටි දෙලක්ෂයක් බව කී මන්ත්‍රීවරයා රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා ප්‍රමාණයක් මේ ආයතනවලින් සිදුවී තිබෙන බව සඳහන් කළේය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වසර 100ක් පිරීම නිමිත්තෙන් සභාව කල් තැබීමේ විවාදයේ අදහස් දක්වමින් අශෝක් අබේසිංහ මහතා මේ බව කීය.

කෝපා කමිටුව වසර 100ක් පුරා මේ කරුණු සොයා බලා පාර්ලිමේන්තුව දැනුවත් කළත් කිසිම වැඩක් වී නැතැයි කී මන්ත්‍රීවරයා දූෂණ වංචා කරන අය නිදැල්ලේ ඉන්න බවද අලාභ අයකර ගැනීමට හෝ නඩු පැවරීමට ක්‍රමවේදයක් නැතැයි ද පැවසීය.

Related posts

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

colombotoday

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

colombotoday

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday