Colombo Today Local News

ලංගමයේ පිල්ලි ගැසූ කෝටි 29ක් ගැන ගැන තොරතුරු එළියට

sltb 233

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් මිලදී ගැනීමේදී රුපියල් විසිනව කේටි අසූ ලක්ෂ අනූහතර දහස් පන්සිය නවයක (රු.298094509.00) පාඩුවක් සිදුකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළිවී තිබේ.

ලංගමයේ අභ්‍යන්තර ගිණුම් අංශ පෙන්වා දෙන්නේ මෙම මුදල දළ වශයෙන් ඇස්තමේන්තු කරන ලද්දක් බවත් එක් වර්ෂයකදී අමතර කොටස් මිලදී ගැනීමට යොදවන මුදල්වලින් පවා මීට වඩා විශාල මුදලක් වංචා කර ඇති බවට මේ වනවිට තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවත්ය.

විශේෂයෙන්ම ඉන්දියානු ණය යටතේ බස්රථ ගෙන්වීමේදී විශාල මුදලක් වංචාකර තිබෙන බව හෙළිකර ගෙන ඇති අතර අධිවේගී මාර්ගවල ධාවනය කරන බස්රථ මිලදී ගැනීමේදී හා එම සේවා පවත්වාගෙන යන ක්‍රමවේදය තුළින්ද මහා පරිමාණ වංචා සිදු කෙරෙන බැවින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බව පෙන්වා දී ඇත.

Related posts

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

colombotoday

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

දින අටක් තිස්සේ පීසීආර් යන්ත්‍රයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නෑ. | නුවරඑළිය රෝහලේ පීසීආර් පරීක්ෂණ නවතියි.

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin