Colombo Today Local News

රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා ජනපති චීනයට යයි

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.

මේ අනුව ජනාධිපතිවරයා අද (16) සිට 20 වැනිදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.

ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව හෙට (16)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර තිබේ.

Related posts

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

colombotoday

රනිල් ඉවත්කර සන්ධාන ආණ්ඩුවක් හදන උත්සාහය අතහැර නෑ.. සාකච්ඡා සාර්ථකයි

colombotoday

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ… පඩි ගෙවන්න.. වියදමට සල්ලි නෑ.. – ජනපති

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තු වටරවුම වැසෙයි !

colombotoday

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

colombotoday