Colombo Today Local News

නීති විරෝධී ලෙස වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෝ 12ක් කාත්තන්කුඩියේදී අල්ලයි

dirty indians22

සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස වෙළඳාමේ නිරත වූ ඉන්දියානු ජාතිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිරිස ඊයේ (18) මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේදී වෙළඳාමේ නිරතව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් බවයි කාත්තන්කුඩිය පොලිසිය සඳහන් කළේ.

කාත්තන්කුඩිය නගරයේ ඉන්දියානු ජාතිකයන් පිරිසක් වෙළඳාමේ නිරත වන බවට පොලිසියට තොරතුරක් ලැබුණේ ඊයේ දහවල් කාලයේදී. ඒ අනුව පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා. ඔවුන් සතුව රෙදිපිළි, පාවහන් අමතරව විවිධ ඖෂධ වර්ගද තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඒවා අතර තිබුණු එක්තරා කුඩු විශේෂයක් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

මේ පිරිස සතුව තිබූ භාණ්ඩවල ප්‍රමාණයට අනුව ඒවා බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ ඒවා බවට ද පොලිසිය සැක කරනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් පස්දෙනෙකු ද සිටිනවා.

සැකකරුවන් අද (19) කාත්තන්කුඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමටයි නියමිතයි.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා – අගමැති

colombotoday

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

“මා දමිළයෙකු යන අහංකාරය මට තියනවා..” – ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්

colombotoday

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday