Colombo Today Local News

කෘෂිකර්ම කම්කරුවන්ගේ දීමනා වැඩි කරන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් යටතේ සේවය කරන කම්කරුවන්ගේ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් පදනම යටතේ සේවය කරන කම්කරුවන්ට දැනට ලබා දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත්, ඒ හේතුවෙන් පර්යේෂණ ගොවිපොළවලට කම්කරුවන් හිඟවී ඇතැයි කෘෂි නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

කම්කරු හිඟය නිසා බතලගොඩ පර්යේෂණ ගොවිපොලේ ඇතැම් ස්ථානවල වී අස්වනු නෙලා ගැනීමට නොහැකි වී ඇතැයි ද නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මෙම දීමනාව අඩු තරමින් සියයට 50කින් වත් ඉහළ දැමීමට හැකිනම් ගොවිපොළවල කම්කරු ගැටළුව විසඳාගත හැකි යැයි නිලධාරින් පෙන්වා දුනි.

Related posts

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin

Video: ඡන්දෙදි වහ කුප්පි පෙන්නපු ඩිලාන් පගර නැට්ටා අද ජනාධිපතිතුමාට සීනි බෝල කවනවා – හරීන් ප්‍රනාන්දු

colombotoday

පොලීසියට බයේ පාතාලය සැඟවෙන අලුත් ස්ථාන හෙළිවෙයි – ඔබත් සහය දී හසුවුණොත් වෙන දේ මෙන්න

colombotoday

චම්පික රණවකට ඇප

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday