Colombo Today Local News

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9)දින දැනුම් දුන්නාය.

ඒ අනුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.

නසීර් අහමඩ්ගෙන් පසු එම ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානාය.

නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ලැබීමට නියමිතය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය. ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ ඒ අනුවයි.

Related posts

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුල් වෙන්න ගිය නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin