Colombo Today Local News

විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා ලංකාවේ පිළිගන්න නීති හදයි

ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ වර්තාමන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීමට මෙන්ම යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබුණි.

එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 සිට 1000 දක්වා වන විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට තුළ පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

බන්දුලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්

colombotoday

දෙනෝදහක් බලා ඉද්දී විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන ගිහින්

Admin

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

colombotoday