Colombo Today Local News

ජීප් රථ අනතුරකින් STF කොස්තාපල්වරු දෙදෙනෙක් මරුට

වව්නියාව, වෙලිකුලම් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් ගවයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩු කඳවුරට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඔවුන් 29 හා 31 හැවිදිරි වියෙහි පසුවන මැදවච්චිය හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අනතුරින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙසු සමාජිකයින් 7දෙනා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

colombotoday

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

ඇත්තටම බෝගස්වැව පදිංචි වෙලා ඉන්නේ පිටින් ගෙනත් පදිංචි කළ මිනිස්සුද ? කොටින්ගෙන් මැරුම් නොකා බේරුණු ගැමියෙක් කියන කතාව

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

Admin

ගෝනපොලදී අයිස් සමග කාන්තාවක් STF අත්අඩංගුවට

colombotoday

“පටු අරමුණු වෙනුවෙන් හමුදාව අවමානයට ලක් කරනු එපා” – යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday