Colombo Today Local News

“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

chandrika

මහින්ද රාජපක්ෂ වසර ගණනාවක් පූරාවටම රටට කල දෙයක් නොමැති බවත්, ඔහුගේ ඒ නොහැකියාව නිසා මෙරට ජනතාව ඔහු බලයෙන් පන්නා දැමූ බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසයි .

ඇය මේ බව කියා සිටියේ ඊයේ (18) පැවති උත්සවයකට සහභාගිවී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනපතිණිය ,

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද ආණ්ඩුවේ ඉන්නවා. තව පිරිසක් එලියේ ඉන්නවා. ඒ එළියේ ඉන්න අයට අමාරුවක් තියනවා. දැන් ඔය තව කට්ටියකට රුදාව හැදිලා පොඩ්ඩක් නටනවා. හොරකං කරලා හොරකං කරලා දැන් හොරකම් කරන්න බෑනේ. ඒ නිසා පොඩි අමාරුවක් ඇති. අපි පක්ෂයක් ලෙස ඉදිරියටම යනවා.

ඔය මහින්ද රාජපක්ෂම පක්ෂය දෙකට කඩන්න හැදුවා 1980 දී සිරිමාවෝ මැතිණිය එළියට පන්නලා . එතුමියව පක්ෂයෙන් පන්නන්න ඔය ඊයේ කලා වගේ හැම තැනම රැස්වීම් තිය තිය ගියා. ඒ වුණාට අපි පක්ෂය රැක ගත්තා . ජනතාව ඉන්නේ අපි එක්ක .අපි ඉදිරියට යනවා .ඔය මන්ත්‍රිවරු ටිකක් එයා එක්ක ඇති .හොරකම් කරන්න බෑනේ දැන් .ඒ කාලේ හොරකම් කරපු මන්ත්‍රින් ටිකක් එක්ක ඔය දැන් ඉන්නේ. යහපාලනය යටතේ හොරකමට ඉඩ නෑ .

කවුරුන් කුමක් කීවත් අපට මේ රට කල හැකි බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළද අද කිසිදු අර්බුධයක් නොමැති බවද ඇය සදහන් කළාය.

Related posts

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

මරාගන මැරෙන්න. අපි ඉරාකයේදී පරාදයි.දෙව්ලොව කාන්තාවන් 72ක් ඔබ එනතුරු බලා සිටියි – ISIS නායකයා කියයි

colombotoday

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

colombotoday

රට පුනරුදය කරා කැඳවන යුගය අරඹා අවසන්

Admin

ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම අනිවාර්යයි – අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

colombotoday

මැලේසියා කොටි ඩයස්පොරාව ශ්‍රී ලංකා තානාපතිට පහරදුන් හැටි (CCTV) VIDEO

colombotoday