World

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටින්නේ, ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය.

එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය.

Related posts

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරක – 31ක් ජීවිතක්ෂයට

colombotoday

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday