Colombo Today Local News

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09)දිනයේ සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වන විට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් අලෙවි කිරීමට නියමිතය.

ඊට අමතරව ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත.

වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

ගිනි ගත් නෞකාවේ වෙරළට ආ සුන්බුන් එකතු කළ 8ක් ලොරියක් සමග පොලීසියට කොටු

colombotoday

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා – ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Admin