Colombo Today Local News

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් අද (05)දින පුද්ගලයකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ විජයානන්ද මාවත, වැලිවත්තේ පදිංචි අමරසේන විජේසිංහ නමැති 78 හැවිරිදි තිදරු පියෙකි. ඔහු නිවසේ සිටිය දී ගල් සමඟ පස් කන්දක් නිවෙසේ බිත්තියකට වැටී එයට යට වී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය අයගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුව නොමැත. නිවසට යාබද කන්දේ අඩි 15ක් පමණ උසින් පිහිටි ගලක් මෙලෙස පෙරළී ඇත.

Related posts

දණගැස්වූ ගුරුවරියගෙන් ඌව මහ ඇමති මිලියන 500ක් ඉල්ලයි

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin