Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ නැමති තරුණියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

ඇය විසින් දුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේ දී වෙඩිතැබීම්වලට අදාළව ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එඩේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන ඉමා නැමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව ඊයේ දින අත්අඩංගුවට පත්ව ඇත.

සැකකාරියව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Related posts

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

මොරටුවේ වඩු කාර්මිකයෝ නගර සභාව වටලයි

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin