World

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

නේපාලයේ ප්‍රබල භූ කම්පන මාලාවක් සමග භූ කම්පනවල ප්‍රබලත්වය නවදිල්ලි නුවරට ද දැනී ඇතැයි, වාර්තා වේ.

විනාඩි 25 ඇතුළත සිදු වූ භූ කම්පන දෙකේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒ්කක 4.6 ලෙස සහ අනෙක මැග්නිටියුඩ් ඒ්කක 6.2ක් ලෙස සටහන්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

මැග්නිටියුඩ් ඒ්කක 3.6 ප්‍රබලත්වයෙන් යුත් තුන්වැනි භූ කම්පනය සිදුව ඇත්තේ, විනාඩි 15කට පසුවයි.

ඉන් විනාඩි 13කට පසු සිව්වන භූ කම්පනය සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒ්කක 3.1ක් ලෙසයි.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය නේපාලයේ වන අතර එය කිලෝමීටර් 5ක පමණ ගැඹුරක සිදුව තිබේ.

මෙම භූකම්පන අවට නගර මෙන්ම රටවල් කිහිපයකට ද දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්

colombotoday

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි – මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමෙ අවස්ථාවත් සුන්

Admin

ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්

colombotoday

ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තිස් හතර හැවිරිදි සන්නා මැරීන් තේරී පත්ව තිබේ.

colombotoday