World

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

2023 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම මේ වනවිට ආරම්භ වී තිබේ.

වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වෛරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය.

කැටලීන් කරීකෝ සහ ඩෲ වයිස්මන් එන්නත් නිපදවීමට හඳුන්වා දුන්නේ ‘එම්.ආර්.එන්.ඒ.’ තාක්ෂණයයි. ‘කොවිඞ් 19’ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් නිර්මාණය වුවත්, වඩාත් සාර්ථක වූයේ ‘එම්.ආර්.එන්.ඒ.’ තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත්ය.

Related posts

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

colombotoday

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

ඉක්වදෝර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

Admin