පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ හයිඩ් පිටියට ගියේ නම් සියළු දූෂිතයන් එක තැනකදී අල්ලා ගැනීමට හැකිව තිබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ ජන සටනට රැළියට පැමිණි සියළු දෙනා වංචනිකයන් හා දූෂිතයන් බවයි.
ඔවුනට එල්ල වී ඇති දූෂණ චෝදනා වලින් ගැලවීම අරමුණු කරගනිමින් මෙම රැළිය සංවිධානය කර ඇති බවයි අනුර දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.