Colombo Today Local News

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස පිරිනමා තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් ඉදිකළ මෙම නිවසක වටිනාකම ලක්ෂ 120ක් පමණ වන බවත් නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනාකමක් සහිත දේපලක අයිතිය මෙහිදී ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබාගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාස ප්‍රදාන කරමින් ඔවුන්ට නිවාස හිමිකම්පත් ප්‍රදානය කළේය.

Related posts

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

colombotoday

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

මුස්ලිම් අන්තවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ කනට ගසමින් සෞධිය ඥානසාර හිමිගේ මතවාදය පිළිගනියි.

colombotoday

‘‘චැනල් 4‘‘ සත්‍ය පිටපත හමුවෙයි. වෙඩි තියන්නේ කොටි… තමිල්ණාඩුවේදී සිංහලෙන් හඬ කවලා.

colombotoday

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin