Colombo Today Local News

රු. කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහයක් ජාවාරමෙන් උපයා ගත් බවට කියන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

39 හැවිරිදි සැකකරු දෙහිවල පදිංචි කරුවෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

බෙම්මුල්ලේදී අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ 8 වනදා රත්නපුරෙන් එළිදකී

colombotoday

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday