Colombo Today Local News

මෙරටින් වාර්ෂිකව හඳුනා ගැනෙන ළමා පිළිකා රෝගීන් ගණන 900ක්

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කරන්නේ, ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය.

“උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ ඇතිවන පිළිකා තමයි ළමා පිළිකා කියලා හඳුන්වන්නේ. පිරිමි ළමුන් 471 දෙනෙක් සහ ගැහැණු ළමුන් 454 වශයෙන් අලුතින් ළමා පිළිකා රෝගීන් හඳුනාගෙන තිබෙනවා. සෑම වසරකම වගේ රෝගීන් 800ක් 900ක් වගේ හඳුන ගන්නවා. ළමා පිළිකා රෝගීන් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කරුණ තමයි බොහෝ පිළිකා ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්. වැඩිහිටියන්ගේ පිළිකා සමග සැසදීමේදී ළමා පිළිකා 80%ක් 90%ක් සුව කරගැනීමේ හැකියාව තිබෙනවා.”

Related posts

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

colombotoday

සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන පළගැටි විශේෂයක් රටපුරා වගාබිම් විනාශ කිරයි

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday