රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.
රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී ඇත.
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනුවී තිබේ.
මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදාට නියම කර ඇත.