මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්රදේශයේදී පීලි පැනීමට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (27) උදෑසන 8ට පමණ සිදුවූ මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන සිදුවන්නේ එක් මාර්ගයක පමණක් බව වාර්තා වෙයි.
පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති අතර දුම්රිය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටී.