Colombo Today Local News

චීන ෂි යෑන් 6 නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දී නැහැ – ඇමති අලි සබ්‍රි කියයි

චීනයට අයත් ෂි යෑන් 6 – පර්යේෂණ නෞකාවට ලබන මාසයේ මෙරටට පැමිණිමට අවසර දී නැතැයි, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා කියයි.

විදෙස් පුවත් සේවයක් සමග ඊයේ අමාත්‍යවරයා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි.

ආරක්ෂාව පිළිබඳ ඉන්දියාවේ සැලකිලිමත්භාවය, ශ්‍රී ලංකාවට ද වැදගත් කරුණක් බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාව ඇතුළු මිතුරන්ගේ එකඟත්වයෙන් සකස් කළ සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූල නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන මෙම ෂී යෑන් සික්ස් නෞකාව පසුගිය 20 වැනිදා ඉන්දීය
සාගර කලාපයට ඇතුළු විය.

මෙම පර්යේෂණ නෞකාවට නාවික සැතපුම් 12,000 කට වඩා වැඩි පරාසයක් මුහුදු කාපයක පර්යේෂ සිදු කිරීමේ හැකියාව ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය.

නෞකාවෙන් ඉන්දීය සාගරයේ බහුවිධ නිරීක්ෂණ සිදුකරන බව ගවේෂණයේ ප්‍රධාන විද්‍යාඥ වැන්ග් වෙයිකිං චීන මාධ්‍ය වෙත පවසා තිබිණි.

නාවික හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ, ෂියෑන් සික්ස් නෞකාව ඔක්තෝබර් 25 වැනිදා ශ්‍රී ලංකා මුහුද වෙත පැමිණෙන බවයි.

Related posts

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

Admin

බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා.. 20ට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

colombotoday

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

colombotoday